මුහුද රළු වෙලා ගෙවල් 4ක් ඉවරයි! ත්‍රිකුණාමලයේ

 ත්‍රිකුණාමලය වීරනගර් ප්‍රදේශයෙන් අද වාර්තා වෙන්නේ හදවත කම්පා කරවන පුවතක්.



කාලගුණයේ වෙනස් වීමත් එක්ක රළු වුණු මුහුද, දැන් වෙරළේ තියෙන ධීවර වාඩි සහ නිවාස එකින් එක බිලිගන්න පටන් අරන්.

අද (08) උදෑසන වන විට නිවාස හතරක් සම්පූර්ණයෙන්ම වගේ විනාශ වෙලා තියෙනවා. ධීවරයින් පවසන්නේ තමන්ගේ ජීවනෝපාය වුණු ධීවර වාඩි රැසක් මේ වන විටත් මුහුදට ගසාගෙන ගොස් ඇති බවයි.

"මීට අවුරුදු 46කට කලින් තමයි මෙහෙම දෙයක් වුණේ..."

මේ ගැන අදහස් දක්වපු වීරනගර් ධීවර සමිතියේ සභාපති වී. මනෝහරන් මහතා කිව්වේ බොහොම සංවේදී කතාවක්. "දැනට ගෙවල් හතරක් කැඩිලා. අපේ මිනිස්සුන්ට රස්සාවත් නැහැ, දැන් ඉන්න හිටින්න ගේ දොරත් අහිමි වේගෙන යන්නේ" ඔහු පවසනවා.

තත්ත්වය දරුණු අතට හැරීමත් එක්ක වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වහාම ක්‍රියාත්මක වී තිබෙනවා. ඛාදනය පාලනය කරන්න මීටර් 40ක් දිගට "ගල් වැටියක්" දැමීමේ වැඩකටයුතු මේ වන විටත් ආරම්භ කරලා තියෙනවා.

වෙරළ සංරක්ෂණ නිලධාරී සුන්දරමූර්ති තිපරාජ් මහතා පවසන්නේ මේ ගල් වැටිය හරහා තවදුරටත් නිවාස විනාශ වීම වළක්වා ගැනීමට උපරිම උත්සාහයක් ගන්නා බවයි.



Post a Comment

Previous Post Next Post

Contact Form