අක්කරපත්තුව පොලිස් වසමේ පෙරියපල්ලකාඩු ප්‍රදේශයේ ගල්ඔය ගඟේදී කිඹුලෙකු විසින් පුද්ගලයෙකු ඩැහැගෙන ගොස් ඇති බව සමන්තුරේ වනජීවි නිළධාරින් පවසනවා.
මෙම ස්ථානයේ ගඟේ එගොඩ නවතා තිබු ඔරුවක් ගෙන ඒමට පුද්ගලයන් දෙදෙනෙකු පිහිනා යන අවස්ථාවේදි කිඹුලකු එක් පුද්ගලයෙකු සපා කා ඇති අතර අනිත් පුද්ගලයා විසින් කිඹුලාට උණ ලීයකින් පහරදි ඔහුව බේරා ගෙන තිබෙනවා.
පසුව කිඹුලා උණ ලීයෙන් පහරදුන් පුද්ගලයා ඩැහැගෙන ගොස් ඇති අතර ඔහු පිළිබඳව සොයා පොලිසිය සහ නාවික හමුදාව මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.
අතුරුදන් අය වයස අවුරුදු 37 ක් වූ ඔළුවිල් 01 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඒ. කේ. රමිස් නමැත්තායි.
නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිතිඥ වරුණ ජයසුන්දරගේ නියමය පරිදි අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ලගේ උපදෙස් පරිදි අම්පාර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත බණ්ඩාරගේ අධික්ෂණය යටතේ අක්කරපත්තුව සහකාර පොලිස් අධිකාරි නුවන් දන්තනාරායනගේ අධික්ෂණය යටතේ අක්කරපත්තුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුනිල් ගමගේ ඇතුලු නිලධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
.jpg)