1 සහ 6 ශ්‍රේණිවල ඉන්න සිසුන්ට විශේෂ දැනුම්දීමක්..

 මේ විශේෂ දැනුම්දීම 1 සහ 6 ශ්‍රේණිවල සිසුන්ට.


පළමු සහ හය ශ්‍රේණි හැර අනෙකුත් ශ්‍රේණිවල පළමු පාසල් වාරය අද ආරම්භ වුණා.

කෙසේ වෙතත් 06 ශ්‍රේණියේ පළමු වාරය මේ මස 21 වන දා සහ පළමු ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු 29 වන දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 06 ‍ශ්‍රේණියට වෙනත් පාසල්වල සිසුන් ඇතුළත් කිරීමේ පරිපාලන කටයුතු ජනවාරි 05 දිනෙන් ඇරඹෙන සතිය තුළ සිදු කරන ලෙසට විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.

පළමු ශ්‍රේණියේ සිසුන් හඳුනාගැනීමේ ක්‍රියාවලිය මේ මස 05 වන දින ආරම්භ කිරීමට නියමිතයි.

දැනට පැරණි විෂය නිර්දේශය ක්‍රියාත්මක වන 7-11 ශ්‍රේණිවල විෂයන්ට වෙන්වන සමස්ත කාලයේ යම් අඩුවීමක් සිදු වන බව ද එම අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ අනුව, අඩුවන කාලය ආවරණය කර ගැනීමට සහ 06 ශ්‍රේණියේ මොඩියුලවලට අවශ්‍ය කාලය ආවරණය කර ගැනීමට පළමු වන වාර විභාගය නොපවත්වා එම කාලවල සීමාවද අධ්‍යයන කටයුතුවලට යොදා ගන්නා බවද අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටිනවා.

Post a Comment

Previous Post Next Post

Contact Form

×
RED ALERT Weather Update
Weather

නායයෑම් රතු නිවේදන! 🌧️

දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි අවදානම්...