මෙරට තුළ වෛරස් රෝග ව්‍යාප්තියේ වැඩිවීමක්

 වෛරස් රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.





ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය කේ.වී.සී. ජානක පැවසුවේ, ඉන්ෆ්ලුවන්සා A හා B මෙන්ම ඉන්ෆ්ලුවන්සා නොවන වෛරස් රෝගවල ව්‍යාප්තිය ද හදුනාගෙන ඇති බවයි.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ චිකුන්ගුන්‍යා රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වන බව, කායික රෝග විශේෂඥ කේ.වී.සී ජානක සඳහන් කළේ ය.

වසරේ ගතවූ දින 09 තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව, 2170 ක්.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 41 ක ඩෙංගු අවධානම් තත්ත්වයක් පවතින බවයි.

Post a Comment

Previous Post Next Post

Contact Form