වෙනිසියුලාවේ පාලනය එක්සත් ජනපදය යටතට ගන්නා බව ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක් වැඩි විස්තර

වෙනිසියුලාවට එල්ල කළ ප්‍රහාරයෙන් පසු එරට ජනාධිපති නිකලොස් මධුරෝ අමෙරිකානු අත්අඩංගුවට ගත් ආකාරය සම්බන්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට අදහස් දක්වා තිබේ.

ඒ සිද්ධිය සම්බන්ධව අදහස් දක්වමින් එරට වේලාවෙන් මේ වන විට පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේදීය.

එහිදී ට්‍රම්ප් සඳහන් කරනුයේ තමන්ගේ මග පෙන්වීම අනුව වෙනිසියුලාවේ අගනුවර රාත්‍රියේ සහ උදෑසන දක්වා ගුවනින්, ගොඩබිමින් සහ මුහුදු මගින් අසාමාන්‍ය හමුදා මෙහෙයුමක් සිදුකළ බවය.

එමෙන්ම ආරක්ෂිත නිසි සහ විචක්ෂණශීලි බල හුවමාරුවක් කළ හැකි කාලයක් ලැබෙන තුරු එක්සත් ජනපදය විසින් වෙනිසියුලාව පවත්වාගෙන යන බවද අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.

එමෙන්ම මධුරෝ සහ ඔහුගේ බිරිඳ දැන් අමෙරිකානු යුක්තියට මුහුණ දීමට නියමිත බවත් එක්සත් ජනපදයට සහ එහි පුරවැසියන්ට එරෙහිව මාරාන්තික මත්ද්‍රව්‍ය සහ ත්‍රස්තවාදී ව්‍යාපාරය සම්බන්ධයෙන් නිව්යෝර්ක් හීදි අධිචෝදනා ගොනු කර ඇති බවත් ට්‍රම්ප් මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම එක්සත් ජනපදය මුහුදු මගින් පැමිණෙන මත්ද්‍රව්‍ය 97%ක්ම සොයාගෙන ඇති බවත් මෙම මත්ද්‍රව්‍ය වෙනිසියුලාවෙන් පැමිණෙන බවත් ට්‍රම්ප් චෝදනා කළේය.

තවද වෙනිසියුලාවයට එරෙහිව දෙවන හා ඊටත් වඩා විශාල ප්‍රහාරයක් එල්ල කිරීමට එක්සත් ජනපදය සූදානම් බවත් පළමුව දෙවන කැරැල්ලක් සිදුකිරීමට සූදානම්ව සිටි නමුත් පළමු ප්‍රහාරයේ සාර්ථකත්වය සැලකිල්ලට ගනිමින් දැන් එය එසේ නොවනු ඇති බවත් ට්‍රම්ප් මෙහිදී පැවසීය.


Post a Comment

Previous Post Next Post

Contact Form

×
URGENT Just Released
Gazette

රජයෙන් හදිසි ගැසට් නිවේදනයක්! 📜

වහාම ක්‍රියාත්මක වන පරිදි...