කාලගුණ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි


ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනය අද (14) රාත්‍රී 11 දක්වා වලංගු වේ.

ඒ අනුව බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බවද කාලගුණ නිවේදනයේ තවදුරටත් දැක්වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති වේ.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, සැලකිලිමත් වෙන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.

Post a Comment

Previous Post Next Post

Contact Form