කාන්තා ක්‍රිකට් තරගයේදී ලෙදර් බෝලයක් වැදී ක්‍රීඩිකාව රෝහලේ

අම්බලන්ගොඩ නගර සභා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති බාලිකා ලෙදර් බෝල ක්‍රිකට් තරගයක් අතරතුරදී පන්දුවක් වැදීමෙන් බරපතළ තුවාල ලැබූ ක්‍රීඩිකාවක් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ. බලපිටිය මූලික රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙලෙස රෝහල්ගත කර ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රජාපතීගෝතමී බාලිකා විද්‍යාලයේ එම්.

උපුලී නමැති ක්‍රීඩිකාව බවය.

අදාළ ක්‍රිකට් තරගය පැවැත්වුණේ අම්බලන්ගොඩ ප්‍රජාපතීගෝතමී බාලිකා විද්‍යාලය සහ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය අතරය. එහිදී ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ක්‍රීඩිකාවක් එල්ල කළ පහරක් උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට ප්‍රජාපතීගෝතමී බාලිකා විද්‍යාලයේ ක්‍රීඩිකාව උත්සාහ කර ඇති අතර, පන්දුව ඇගේ දෙඅත් අතරින් ලිස්සා ගොස් නාසයේ වැදී ඇති බව වාර්තා වේ. පන්දුව වැදීමෙන් නාසයෙන් ලේ වහනය වෙමින් සිටි එම ක්‍රීඩිකාව වහාම රෝහල් ගත කිරීම සඳහා පාසල් බලධාරීන් 1990 සෞඛ්‍ය සේවා ගිලන් රථයක් කැඳවීමට පියවර ගෙන තිබේ.

Post a Comment

Previous Post Next Post

Contact Form

×
BREAKING Live Updates
News

කොත්මලේ ගම්මාන ගිලාබහී... ⚠️

සම්පූර්ණ විස්තරය බලන්න...