නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ : 2026 චක්‍රලේඛය නිකුත් කෙරේ

 2026 වසර සඳහා පාසල් කාලසටහන සංශෝධනය කිරීම සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය යොදා ගැනීම පිළිබඳ මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යාංශය අද (2) නිකුත් කර තිබේ.

රජය ක්‍රියාත්මක කරන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව, 2026 වසර සඳහා පාසල් කාලසටහන සංශෝධනය කිරීම සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය (ගුරුවරුන්) උපයෝජනය කිරීම පිළිබඳ නව මාර්ගෝපදේශ සහ උපදෙස් මාලාවක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා.

මින් පෙර පාසල් අවසන් කරන වේලාව ප.ව. 2.00 දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර තිබුණද, පවතින ස්වභාවික ආපදා තත්ත්වයන් හේතුවෙන් එය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇති අතර, ඒ අනුව 2026 වසරේදී ද පාසල් කාලය පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා දැනට පවතින පරිදිම ක්‍රියාත්මකයි.

1 සහ 6 ශ්‍රේණි හැර අනෙකුත් සියලු ශ්‍රේණි සඳහා 2026 පළමු පාසල් වාරය ජනවාරි 05 වනදා ආරම්භ වේ.

එමෙන්ම, 6 වන ශ්‍රේණිය සඳහා ජනවාරි 21 වනදාත්, 1 වන ශ්‍රේණිය සඳහා ජනවාරි 29 වනදාත් අධ්‍යයන කටයුතු ආරම්භ වනු ඇති.

නව ප්‍රතිසංස්කරණ යටතේ කාලය ආවරණය කර ගැනීම සඳහා 2026 වසරේ පළමු වාර විභාගය නොපවත්වා එම කාලය අධ්‍යයන කටයුතු සඳහා යොදා ගැනීමට උපදෙස් දී තිබෙනවා








Post a Comment

Previous Post Next Post

Contact Form

×
BREAKING Live Updates
News

කොත්මලේ ගම්මාන ගිලාබහී... ⚠️

සම්පූර්ණ විස්තරය බලන්න...