අද හෙට මුහුදු යන්න එපා

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශයේ ස්ථාපිතව පැවැති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පොතුවිල් සිට කිලෝ මීටර් 700ක් ගිනිකොණ දෙසින් අක්ෂාංශ 4.9°N සහ දේශාංශ  87.4°E ආසන්නයේ කේන්ද්‍ර ගතව ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ළඟවනු ඇතැයි අපෙක්ෂා කෙරේ. මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට හැකියාව පවතින අතර එහි බලපෑමෙන් හෙට (8) සිට දිවයිනේ විශේෂයෙන් උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් වැසි තත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වේ.


අද (7) සිට නැවත දැනුම් දෙනතුරු කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 


දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල යෙදීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙස ද දැනුම් දෙයි.


හෙට (8) දින සිට නැවත දැනුම් දෙනතුරු දිවයිනවටා වන ගැඹුරු නොගැඹුරු මුහුදු ප්‍රදේශන ධීවර සහ නාවුක කටයුතුවලින් වැලකී සිටිනින්නැයි ද දැනුම් දෙයි.

Post a Comment

Previous Post Next Post

Contact Form

×
RED ALERT Weather Update
Weather

නායයෑම් රතු නිවේදන! 🌧️

දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි අවදානම්...