නුවරඑලියට හිම වැටේ.. වාර්තාගත අඩුම උෂ්ණත්වයක්

ශ්‍රී ලංකාවේ පුංචි එංගලන්තය ලෙස හඳුන්වන නුවරඑළියේ අලුයම ඇතැම් ස්ථානවල මල් තුහිණ පතිත වී තිබූ අයුරු දක්නට ලැබුණි.

සෑම වසරකම දෙසැම්බර් මාසයේදී නුවරඑළියේ මල් තුහිණ පතිත වීම සිදුවන අතරමෙම වසර මුලදීනුවරඑළියේ උද්‍යාන සහ තේ වතු වල මල් තුහිණ පතිත වීම දක්නට ලැබුණි.

එහි ප්‍රතිඵලයක් ලෙසඋද්භිද උද්‍යානයේ තණකොළකෘගර් ඇළ ඉවුරමල් උද්‍යානතේ ගස්විසිතුරු ගස් සහ එළවළු පාත්ති මත අයිස් අංශු තැම්පත් වීම දක්නට ලැබුණි.

එහි වෙනස් දේශගුණය වැඩි සංචාරකයින් ආකර්ෂණය කර ගන්නා බැවින් සංචාරකයින් සංඛ්‍යාව ද වැඩි වෙමින් පවතියි.

තවදමල් තුහිණ පතිත විමෙන් තේඑළවළු සහ මල් නිෂ්පාදනයට විශාල බලපෑමක් සිදු වී ඇති බවත්තේ වතුවල ශාක පිළිස්සීමේ අවදානමක් ඇති බවයි ප්‍ර දේශවාසීන් කියා සිටින්නේ.

මේ දිනවල කාලගුණය උදෑසන සිට සවස දක්වා උණුසුම් හා අව්ව සහිත වන අතරසවස සිට අලුයම දක්වා අසාමාන්‍ය ලෙස සීතල කාලගුණයක් පවතියි.

තවදප්‍රදේශය දැඩි සීතලක් පවතින බවත්උෂ්ණත්වය සෙල්සියස් අංශක 9.8 ට වඩා අඩු බවයි වාර්තා වන්නේ.

Post a Comment

Previous Post Next Post

Contact Form