ජාතික අධ්‍යාපන ආයතනය මගින් සකස් කර මුද්‍රණය කෙරුණු හයවෙනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයට අදාල මොඩියුලයේ පොත්වල ගැටලුවක් මතුවී ඇති පිටුව සම්බන්ධයෙන් විකල්ප තුනක් පිළිබඳව අවධානය යොමුවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන විශේෂඥයින් සමඟ මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව සඳහන් කරන්නේ අදාල ගැටලුව පවතින පිටුව ඉවත් කළ පසු මුද්‍රණය සහිතව හෝ මුද්‍රණය රහිතව මෙම පොත සම්පූර්ණ කරනවාද යන කාරණය සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බවයි.
පොතේ අන්තර්ගතයට කිසිදු හානියක් සිදු නොවන ආකාරයට වියදම අවම වන ආකාරයෙන් මෙම ගැටලුව විසඳා ගත යුතු බවත් මේ සම්බන්ධයෙන් ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව සහ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව සමඟ ද සාකච්ඡා කරමින් පවතින බවද ලේකම්වරයා සඳහන් කරනවා.
මොඩියුලයේ පොතෙහි අනෙකුත් පාඩම්වලට ගැටලුවක් ඇති නොවන ආකාරයට මෙම ගැටලු සහගත පිටුව ඉවත් කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන විශේෂඥයින්ගෙන් ලබාගන්නා උපදෙස් අනුව ඉතා කඩ්මින්ම මීට අදාල විසඳුම ලබාදෙන බවද නාලක කළුවැව පැවසුවා.
මෙම පොත් බෙදා හැරීම සඳහා ජනවාරි 21 වැනිදාට පෙර මෙම ගැටළුව විසඳන බවත් ඒ අනුව කඩිනමින්ම අධ්‍යාපන විශේෂඥයන්ගේ උපදෙස් ලැබුණු වහාම මෙම විකල්පවලින් සුදුසුම ක්‍රියාමාර්ගය දියත් කරන බවත් නාලක කළුවැව ප්‍රකාශ කරනවා.
හයවෙනි ශ්‍රේණිගේ ඉංග්‍රීසි විෂයට අදාල මොඩියුලයේ පොත් ලක්‍ෂ තුනහමාරක් මුද්‍රණය කර ඇති බවත් ඒ සඳහා රුපියල් කෝටි හයකට ආසන්න මුදලක් වියදම් වී ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරනවා.
මෙම පොත යළි මුද්‍රණය කිරීමක් කිසිදු ආකාරයකින් සිදු නොකරන බවත් සිදු කරන්නේ අදාල ගැටලු සහගත පිටුව පමණක් ඉවත් කර ඒ වෙනුවට අධ්‍යාපන විශේෂඥයින් ලබාදෙන උපදෙස් අනුව ගන්නා වඩාත් සුදුසුම විකල්ප ක්‍රියාමාර්ගය බවත් වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළා.
