වෙනිසියුලාවේ සිදුවෙමින් පවතින මෑතකාලීන වර්ධනයන් පිළිබඳව ශ්‍රී ලංකා රජය සිය දැඩි අවධානය යොමු කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.
වෙනිසියුලාවේ පවතින තත්ත්වය ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව එම අමාත්‍යාංශය නිකුත් කළ විශේෂ ප්‍රකාශයක සඳහන් වේ.
ජාත්‍යන්තර නීතියේ මූලධර්ම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ගරු කිරීමේ අවශ්‍යතාව මෙහිදී ශ්‍රී ලංකාව අවධාරණය කර සිටියි.
විශේෂයෙන්ම බලය භාවිතා කිරීම තහනම් කිරීම, අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම, ජාත්‍යන්තර ආරවුල් සාමකාමීව විසඳා ගැනීම මෙන්ම රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සහ භූමියෙහි අඛණ්ඩතාව සුරැකීම වැනි කරුණු කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු වී ඇත.
වෙනිසියුලානු ජනතාවගේ ආරක්ෂාව සහ සුබසාධනය මෙන්ම කලාපීය ස්ථාවරත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි වැදගත්කමක් ලබාදෙන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
ඒ අනුව, පවතින නොසන්සුන්කාරී තත්ත්වයන් සමනය කරමින්, සාකච්ඡා මාර්ගයෙන් සාමකාමී විසඳුමකට එළඹීමට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.
මෙම තීරණාත්මක අවස්ථාවේදී, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ආරක්ෂක මණ්ඩලය වැනි එහි ආයතන මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකාවේ ස්ථාවරයයි.