නවගමුව, පහළ බෝමිරිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතීවිරෝධී මත්පැන් ස්කාගාරයක් වටලා පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.
එහිදී බෝතල් 540ක තිබූ නීතිවිරෝධි මත්පැන් ලීටර් 405ක් සහ මත්පැන් පෙරීමට යොදාගන්නා ගෝඩා ලීටර් 9,236 ක් ඇතුළු ඒවා නිශ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය, උපකරණ කිහිපයක් සහ වෑන් රථයක් ද පොලීසිය සිය භාරයට ගෙන ඇත.
සැකකරුවන් 39 හැවිරිදි සහ 44 හැවිරිදි මල්වාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
