පහළ වායුගෝලයේ කැළඹීමක්: ඉදිරි දින කිහිපයේ පළාත් කිහිපයකට වැසි

 ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.


මේ හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද (01) පස්වරු 02.00ට නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන්.




එහිදී, නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවත්, මධ්‍යම සහ ඌව පළාත්වලත්, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ඉක්මවූ තරමක වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම, උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති වීමට ඉඩ පවතින බවත්, වයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.


තවද, බස්නාහිර සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැකි බව‍යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්

Post a Comment

Previous Post Next Post

Contact Form

×
BREAKING Live Updates
News

කොත්මලේ ගම්මාන ගිලාබහී... ⚠️

සම්පූර්ණ විස්තරය බලන්න...