ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ආරක්ෂිතව නැවත කොළඹට ගොඩබස්වයි

කුවේට් බලා පියාසර කරමින් තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් එයාර්බස් A321neo යානයක්, ගුවන්ගත වී සුළු මොහොතකින් ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බ්‍රහස්පතින්දා ආරක්ෂිතව නැවත කොළඹට ගොඩබැස්වූ බව ගුවන් සේවා බලධාරීන් පවසයි.
4R-AND ලෙස ලියාපදිංචි කර ඇති, UL229 දරන මෙම ගුවන් යානය පූර්ව ආරක්ෂණ පියවරක් ලෙස නැවත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත හරවා එවා ඇති බව නිලධාරීන් සඳහන් කළේය. 

සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ අධීක්ෂණය යටතේ මෙම තත්ත්වය සමීපව නිරීක්ෂණය කළ බවත්, එහිදී සියලුම සම්මත ආරක්ෂණ ක්‍රියා පටිපාටි අනුගමනය කළ බවත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේය. යානය ආරක්ෂිතව ගොඩබස්වා නියමිත නැවැතුම් අංගනයක (Bay) ගල්වා ඇති අතර, සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැත.

Post a Comment

Previous Post Next Post

Contact Form