පෙම්වතුන් වීඩි‍යෝ ගත කළ හෝටල් කළමනාකරු රිමාන්ඩ්

 සපුගස්කන්ද පොලිස් බල ප්‍රදේශයේ කාමර පහසුකම් සපයන හෝටලයක කාමරයක් වෙන් කරවා ගෙන පෙම් යුවලක් නැවති සිටියදී හොර රහසේ ඔවුන්ව විඩියෝ කිරීම සම්බන්ධව අත් අඩංගුවට ගත් එහි කළමනාකරු මේ මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ නියම කළා.




මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙහිදි සපුගස්කන්ද පොලිසියේ අපරාධ මර්දන විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කියා සිටියා.

“ඉකුත් 31 වැනිදා එම පෙම් යුවලේ පෙම්වතා විසින් මාර්ග ගත ක්‍රමයක් ඔස්සේ මේ හෝටලයේ කාමරයක් වෙන් කරවා ගෙන තිබෙනවා. පසුව මෙදින සවස 4 ට පමණ එම යුවල හෝටලයට පැමිණ තිබෙනවා. පසුව රාත්‍රී කාලයේ ඔවුන් කාමරය තුළ සිටිනවිට එහි කුඩා සිදුරකින් එළියක් දැක තිබෙනවා. පසුව ඔවුන් මෙය සොයා බැලීමේදී සැකකරු විසින් ජංගම දුරකථනයකින් ඔවුන් විඩියෝ කළ බවට තහවුරු වී තිබෙනවා. පසුව ඔවුන් මේ සිද්ධිය පොලිසියට දැනුම් දුන්නා.

මේ අනුව පොලිස් නිලධාරීන් එහි ගොස් සැකකරු ළඟ තිබු ඔහුගේ ඇපල් වර්ගයේ ජංගම දුරකථන දෙක පරීක්ෂා කිරීමේදී එහි අසභ්‍ය විඩියෝ දර්ශන අන්තර්ගත වී තිබුණා. පසුව ඔහු අත් අඩංගුවට ගත්තා. මෙහි විමර්ශන අවසන් නැහැ. සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඉල්ලා සිටිනවා.

ඉදිරිපත්වු කරුණු කෙරෙහි අවධානය යොමු කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙළේය.

Post a Comment

Previous Post Next Post

Contact Form

×
RED ALERT Weather Update
Weather

නායයෑම් රතු නිවේදන! 🌧️

දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි අවදානම්...