ලෝකප්‍රකට Tomorrowland සංගීත ප්‍රසංගය ලබන දෙසැම්බර් 11 සිට 13 දක්වා දින තුනක් පුරා තායිලන්තයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව අද (06) නිවේදනය කර තිබෙනවා.
ආසියාවේදී පළමු වරට පැවැත්වෙන මෙම ප්‍රසංගය තායිලන්තයේ පටායා (Pattaya) නගරයේ පිහිටි Wisdom Valley පරිශ්‍රයේදී පැවැත්වෙන බවයි නිවේදනය කර ඇත්තේ.
දින තුනම ආවරණය වන ප්‍රවේශපත්‍රයක මිල ('Full Madness Pass) තායි බාත් 12,500ක් (අමෙරිකානු ඩොලර් 400ක් පමණ) බව සඳහන්.
එහි එක් දිනක් සඳහා වන ප්‍රවේශ පත්‍රයක් බාත් 5,100ක් පමණ බවයි දක්වා තිබෙන්නේ.
ප්‍රවේශපත්‍ර සඳහා වන පූර්ව ලියාපදිංචිය (Pre-registration) ජනවාරි 8 වැනිදා ආරම්භ වනු ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
වසර 20ක ඉතිහාසයක් ඇති Tomorrowland උළෙලක් ආසියාවේ පවත්වන පළමු අවස්ථාව මෙයයි.
බෙල්ජියමේ පැවැත්වෙන එම උළෙලට සමාන මට්ටමේ දැවැන්ත වේදිකා සහ අලංකරණයන්ගෙන් මෙය සමන්විත වනු ඇතැයිද සංවිධායකයින් පවසනවා.
තායිලන්ත රජය සහ Tomorrowland සංවිධායකයන් අතර වසර 5ක ගිවිසුමක් අත්සන් කර ඇති අතර, එම කාලය තුළ තායිලන්ත ආර්ථිකයට බාත් බිලියන 21ක (අමෙරිකානු ඩොලර් මිලියන 670කට අධික) ආදායමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මෙහිදී දිනකට 50,000කට අධික සංගීත ලෝලීන් පිරිසක් මෙයට සහභාගී වනු ඇතැයි ගණන් බලා තිබෙනවා.
