රන් - රිදී මිලත් නොසිතූ ලෙස ඉහළ යයි

මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ රන් සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් තිබෙන බව වාර්තාවල දැක්වෙනවා.

ඒ අනුව රන් මිල 2.2% කින් ඉහළ ගොස් අවුන්සයක් ඩොලර් 4,424.17 ක් ලෙස සතියක උපරිම අගයකට පැමිණ තිබෙනවා.

පෙබරවාරි මාසය සඳහා වන ඇමරිකානු රන් අනාගත ගනුදෙනු 2.4% කින් ඉහළ ගොස් ඩොලර් 4,434.20 ක් වුණා.

KCM Trade හි විශ්ලේෂක ටිම් වෝටරර් පවසන්නේ, විදේශීය රාජ්‍ය නායකයෙකු පැහැර ගැනීම වෙළඳපල අස්ථාවරත්වයට හේතු වන බැවින් මෙවැනි පරිසරයක රන් සහ රිදී ශක්තිමත් ආයෝජන ලෙස සැලකෙන බවයි.

මදුරෝ අත්අඩංගුවට ගැනීම මීට වසර 37 කට පෙර පැනමාව ආක්‍රමණය කිරීමෙන් පසු ඇමරිකාව ලතින් ඇමරිකාවට සිදු කළ වඩාත්ම මතභේදාත්මක මැදිහත් වීම ලෙසයි සැලකෙන්නේ.

මේ අතර, වෙනිසියුලානු උප ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් වැඩබලන ජනාධිපති ලෙස වැඩ භාරගෙන ඇති අතර, මදුරෝ තවමත් රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන බව ඇය අවධාරණය කරනවා.

පසුගිය වසරේ රන් මිල 64% ක දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කළ අතර, 2025 දෙසැම්බර් 26 දින එය ඩොලර් 4,549.71 ක වාර්තාගත උපරිම අගයක් සනිටුහන් කළා.

මේ අතර, රිදී මිල 3.9% කින් ඉහළ ගොස් අවුන්සයක් ඩොලර් 75.50 ක් වූ අතර, ප්ලැටිනම් මිල ද 3.9% කින් ඉහළ ගොස් ඩොලර් 2,226.24 ක් වී තිබෙනවා.

රිදී, ඇමරිකානු තීරණාත්මක ඛනිජයක් ලෙස නම් කිරීම සහ කාර්මික ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් පසුගිය වසරේ එහි මිල 147% කින් ඉහළ ගොස් තිබුණා.

Post a Comment

Previous Post Next Post

Contact Form

×
RED ALERT Weather Update
Weather

නායයෑම් රතු නිවේදන! 🌧️

දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි අවදානම්...