ලබන 15 සිට රට පුරාම රථවාහන දඩ Govpay හරහා ගෙවීමේ පහසුකම්


රථවාහන වැරදි සම්බන්ධයෙන් පනවන දඩ මුදල් ජනවාරි 15 වැනිදා සිට ලංකාවේ සෑම ප්‍රදේශයකම සිට (Online) Govpay හරහා ගෙවීමට හැකි බව රථවාහන පාලක හා මහා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි.

රථවාහන වැරදි නිසා දඩ නියම වන රියැදුරන්ට මින්පසු දඩ මුදල් ගෙවීමට, මහමග රස්තියාදුවීමට හෝ අපහසුතාවට පත්වීමට වෙන්නේ නෑ. රටපුරා ආවරණය වන අයුරින් දඩ මුදල් Govpay හරහා ගෙවීමට අවශ්‍ය සියලුම පහසුකම් පොලිස් නිලධාරීන්ට ලබාදී තිබෙනවා.

දැනටමත් Govpay හරහා රුපියල් මිලියන 7.5ක දඩ මුදල් ලැබී තිබෙනවා. සබරගමුව සහ මධ්‍යම පළාත ඇතුළුව ලබන 15 වැනිදා සිට රටම ආවරණය වන අයුරින් Govpay හරහා දඩමුදල් ගෙවීමට හැකිවෙනවා.

Online Govpay හරහා දඩමුදල් ගෙවීමට සිදුවන නිසා ඉදිරියේදී අල්ලස් සම්බන්ධයෙන් පොලිසියට චෝදනා එල්ල වෙන්නේ නෑ. මීට පසුව කාටවත් පොලිසියට මුදල් දීමට අවශ්‍යවන්නේ නෑ. රථවාහන වැරදි සම්බන්ධයෙන් එම ස්ථානයේදීම Online හරහා දඩමුදල් ගෙවීමට හැකි වෙනවා. මුදල් ගෙවූ බවට පණිවුඩය ගෙවන්නාගේ දුරකථනයට ක්ෂණිකවම ලැබෙනවා. දඩමුදල් ගෙවීම සඳහා ගතවන්නේ විනාඩි දෙක තුනක කාලයක්.

අල්ලස් දීම හෝ ලබා ගැනීම වරදක්. එවැනි වැරදි හසුවුවහොත් අපරාධ නීතිය යටතේ කටයුතු කරනවා යැයි ද ‘දිවයින’ට අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.

ධම්මික සල්වතුර සහ නෝමන් පලිහවඩන

Post a Comment

Previous Post Next Post

Contact Form

×
RED ALERT Weather Update
Weather

නායයෑම් රතු නිවේදන! 🌧️

දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි අවදානම්...