ඔබේ දරුවාගේ කෑම රටාව ගැනත් මව්පියන් විදිහට ඔබ සැලකිලිමත් වෙනවාද..?
එහෙනම් මේ විශේෂ පණිවිඩය ඔබට ගොඩක් වැදගත්වේවි..
රජයේ පාසල්වල සිසුන් වැඩි වශයෙන් අඩු මිලකින් යුත් සහ පෝෂණ මට්ටමින් අඩු කෙටි ආහාර (Snacks) සඳහා වැඩි නැඹුරුවක් දක්වන බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය මගින් කරන ලද අධ්‍යයනයකදී මේ බව අනාවරණය වී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
"ශ්‍රී ලංකාවේ යොවුන්වියේ නාගරික දරුවන්ගේ ආහාර පාරිභෝජන රටාව, කැමැත්ත, බාධක සහ සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු සඳහා ඇවැසි ක්‍රියාකාරිත්වයන්" මැයෙන් අදාළ අධ්‍යයනය සිදුකර තිබෙනවා. කොළඹ, ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්කවල රජයේ හා පෞද්ගලික අංශයේ පාසල් දරුවන් 463 දෙනකු යොදාගෙන මෙම අධ්‍යයනය සිදුකළ බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ආහාර පද්ධති අංශයේ ජ්‍යෙෂ්ඨ පර්‌යේෂණ නිලධාරී රෝෂිණී රඹුක්වැල්ල පැවසුවා.
අඩු මුදලකට මිලදී ගතහැකි පෝෂණ ගුණයෙන් අඩු ආහාර සඳහා රජයේ පාසල් දරුවන් වැඩි නැඹුරුවක් දක්වන බවත් යොවුන් වියේ දරුවන්ගේ ආහාර වේල ප්‍රධාන වශයෙන් බත් සහ පිටි සහිත ආහාර මත පදනම්ව ඇති බවත් අනාවරණය කරන එම අධ්‍යයනය මගින් එළවළු, පලා වර්ග සහ ධාන්‍ය වර්ග දෛනික පාරිභෝජනය අඩු මට්ටමක පවතින බවද පෙන්වා දෙනවා.

යොවුන් වියේ දරුවන් ක්ෂණික ආහාර, කෙටි ආහාර සහ සීනි සහිත පාන වර්ග පාරිභෝජනය ඉහළ යාමක් පෙන්නුම් කරන බවද හෙළිවී ඇති අතර, එහිදී අධ්‍යයනයට ලක්කළ සිසුන්ගෙන් අඩකට වඩා පිරිසක් අධ්‍යයන කටයුතු හේතුවෙන් කාර්ය බහුලත්වය හෝ කෑම පිළිබඳ උනන්දුවක් නොමැතිකම මත ආහාරවේල් මගහරින බවත් විශේෂයෙන් උදෑසන ආහාර වේල ඉන් ප්‍රධාන වන බවත් අනාවරණය වී තිබෙනවා.
තවද අධ්‍යයනයට ලක්කළ සිසුන්ගෙන් සියයට අසූවක් (80%)ක් පමණ කෙටි ආහාර සඳහා වැඩි නැඹුරුවක් දක්වා තිබෙනවා.
රජයේ පාසල්වල සිසුන් බහුතරයක් ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීම පෞද්ගලික පාසල්වල සිසුන්ට සාපේක්ෂව පහළ මට්ටමක පවතින බවද, අමතර පන්ති සහ කාර්ය බහුලත්වය ඊට ප්‍රධාන වශයෙන් හේතුවී ඇතැයිද හෙළිදරව් කරන එකී අධ්‍යනයේදී යෞවන වයසේ පසුවන දරුවන්ගේ ආහාර රටා සම්බන්ධයෙන් දෙමාපියන්ගේ අවධානය පහළ මට්ටමක පවතින බවද පෙන්වා දෙනවා.
මේ අතර සමාජ මාධ්‍ය තුළින් කෙරෙන බලපෑම් සහ සම වයසේ මිතුරන්ගේ බලපෑම්ද දරුවන්ගේ ආහාර පුරුදුවලට බලපා තිබෙනවා.
සමීක්ෂණයට ලක්කළ සිසුන්ගෙන් සියයට 65%ක් ආහාර තෝරා ගැනීමේදී ආහාර සඳහා දැරිය හැකි මිල ප්‍රධාන සාධකයක් ලෙස සලකා ඇති අතර සිසුන්ගෙන් සියයට හැටදෙකක් අඩු මිලකට පවතින ආහාර සඳහා වැඩි කැමැත්තක් දක්වා තිබෙනවා.
පාසල් ආපනශාලා බොහොමයක් ඊට අවශ්‍ය ප්‍රමිතීන් සපුරා නොමැති බව ආපන ශාලා ආශ්‍රිත පොදු ගැටලු ලෙස පිරිසිදුකම නොමැතිකම, ප්‍රමාණවත් පහසුකම් හා ඉඩ නොමැති වීම, ආහාර අලෙවිය හා සැකසීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් අවම වීම යනාදී කරුණු ප්‍රධාන වශයෙන් බලපා ඇතැයිද එම අධ්‍යයන වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.