තම පෙම්වතාගේ රහසඟ කපා පළාගිය විවාහක කාන්තාවක් පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය අද වාර්තා කරනවා.
ඉන්දියාවේ මුම්බායිහිදී මෙම සිදුවීම සිදුව ඇති අතර, අලුත් අවුරුද්ද උදා වූ රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
25 හැවිරිදි විවාහක කාන්තාවක් තම 44 හැවිරිදි විවාහක පෙම්වතාට අලුත් අවුරුදු රසකැවිලි ලබාදීමට පසුගිය 31 වනදා රාත්‍රියේ නිවසට ආරාධනා කර තිබෙනවා.
පෙම්වතා රාත්‍රියේ නිවසට ගිය අවස්ථාවේ දී පෙම්වතිය විසින් පිහියකින් ඔහුගේ රහසඟ කපා පළාගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
බරපතළ තුවාල ලැබූ පෙම්වතා මේ වනවිට මුම්බායි හි සියොන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ. .
මේ දක්වා සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මොවුන් දෙදෙනා අතර නිතර නිතර ආරවුල් ඇතිව තිබෙනවා.
බිරිඳ අතහැර තමාව විවාහ කරගන්නා ලෙස පෙම්වතාට, පෙම්වතිය විසින් නිරන්තරයෙන් බලපෑම් කිරීම එලෙස ආරවුල් හට ගැනීමට හේතු වී ඇති බව සඳහන්.
පළාගොස් සිටින පෙම්වතිය, පෙම්වතාගේ සහෝදරියගේ නෑනා බවට තොරතුරු වාර්තා වන අතර, දෙදෙනා පසුගිය වසර හයක සිට මෙම අනියම් සබඳතාව පවත්වාගෙන ගොස් තිබෙනවා. පොලිසිය මේ වනවිට නඩුවක් ලියාපදිංචි කර ඇති අතර, පළාගොස් සිටින සැකකාර පෙම්වතිය සොයා විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ
