හිටපු ඇමති විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය අද (14) වරෙන්තු නිකුත් කර ඇත.
නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
විත්තිකරුගේ ඇපකරුවන්ට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසද විනිසුරුවරයා නියෝග කර ඇත.
