අවසන් වතාවටත් Stranger Things නිසා Netflix 'කඩා වැටෙයි'! 🤯🎬

​ලොව පුරා රසිකයින් වසර ගණනාවක් මග බලා සිටි Stranger Things Season 5 අවසන් කොටස් අද නිකුත් වීමත් සමඟම Netflix ජාලය යම් තාක්ෂණික දෝෂයකට ලක්වුණා. කොටස් නිකුත් කර විනාඩි කිහිපයක් යනතුරු ලොව පුරා බොහෝ දෙනෙකුට Netflix වෙත පිවිසීමට (Log-in) නොහැකි තත්ත්වයක් උදා වුණා.

ඇයි මෙහෙම වුණේ? (The Technical Reason) තාක්ෂණික භාෂාවෙන් මෙය හඳුන්වන්නේ "Thundering Herd Problem" එකක් ලෙසයි.

  • අධික තදබදය: සාමාන්‍ය දිනවල Netflix වෙත ප්‍රේක්ෂකයින් එන්නේ විවිධ වේලාවන් වලදීයි. නමුත් අද Stranger Things අවසන් කොටස බැලීමට මුළු ලෝකයේම ප්‍රේක්ෂකයින් එකම විනාඩියේදී (At the same exact minute) ඇප් එකට පිවිසීමට උත්සාහ කළා.
  • සර්වර් හිරවීම: මේ නිසා Netflix හි Login Servers වලට එකවර දරාගත නොහැකි ඉල්ලුමක් (Traffic Spike) පැමිණීමෙන් සර්වර්ස් තාවකාලිකව ඇණහිටීමක් සිදු වුණා. මෙය හරියට පටු පාරක එකවර වාහන දහස් ගණනක් යන්න හදනවා වගේ වැඩක්.

​කෙසේ වෙතත්, මීට පෙර Season 4 නිකුත් වූ දා විනාඩි 20ක් පුරා තිබූ බිඳ වැටීම මෙන් නොව, මෙවර විනාඩියක් වැනි ඉතා කෙටි කාලයකින් ගැටලුව විසඳා ගැනීමට Netflix ඉංජිනේරුවන් සමත් වී තිබෙනවා.

​ඔයාලටත් මේ Error එක ආවද? කමෙන්ට් කරන්න. 👇

Post a Comment

Previous Post Next Post

Contact Form

×
BREAKING Live Updates
News

කොත්මලේ ගම්මාන ගිලාබහී... ⚠️

සම්පූර්ණ විස්තරය බලන්න...