📺 | Netflix crashed as Stranger Things fans anticipated a secret Ninth episode of the final episode.
අද උදෑසන නැවත වතාවක් Netflix Streaming සේවාව බිඳ වැටී තිබෙනවා. ඒ Stranger Things කතා මාලාවේ 9වන කතාංගය රහසිගතව අද දින නිකුත් වන බවට සමාජ මාධ්‍යන් හරහා ප්‍රචාරය වුණු කට කතා හේතුවෙන්.
ඒ අනුව පසුගිය දා නිකුත් වුණු 8වන කතාංගය Vecna පෙන්වන දර්ශණයක් බවටයි මෙම කට කතා සහ රසිකයින්ගෙ Fan Theories හරහා පැතිරී තිබුණේ. ඒ අනුව අවසන් කතාංගය අද දින නිකුත් වීමෙන් Stranger Things අවසන් වන බවට සමාජ මාධ්‍යන් හරහා පසු ගිය දින කීපයේම ප්‍රචාරය වී තිබුණා
නමුත් එය ප්‍රේක්ෂක මතයක් පමණක් වන අතර ඒ ගැන විශ්වාස කළ රසිකයින් රැසක් අද Netflix වෙත පිවිසීම හේතුවෙන් මේ ආකාරයට විනාඩි කීපයක් Netflix සේවාව බිඳ වැටී තිබෙනවා.
_________
Stranger Things 5 වන කතා සමය රූගත කළ ආකාරය සහ ඒ ආශ්‍රිත සිදුවීම් ඇතුලත් වාර්තාමය වැඩසටහන ජනවාරි 12 වනදා නිකුත් වීමට නියමිතයි.
Source : Variety | tsml
#StrangerThingsFinale #tsml
