දිට්වා සුළි කුණාටුව දිවයිනෙන් පහව ගොස් සතියක පමණ කාලයක් ගත වුවත්, එම සුළි කුණාටුව සිදු කළ දරුණු ගණයේ ආපදා තත්ත්වයන් නම් තවමත් පහව ගොස් නොමැත.
අධික වැසි තත්ත්වයත් සමග සිදුවූ නාය යෑම් හේතුවෙන් ගමනාගමන පහසුකම් සලසා ගත නොහැකි දහස් ගණනක් ජනතාව තවත් සිය ගම්මානවලම සිරව සිටිනවා.
දෛනික ජීවනෝපාය සිදුකර ගැනීමට නොහැකිව එලෙස ජනතාව සිරව සිටින තවත් ප්‍රදේශයක් පිළිබඳවයි මේ විශේෂ වාර්තාව.
අදහා ගත නොහැකි ලෙස ගම්බිම් යට කරමින් මහ කඳු පහළට ඇද හැළී තිබූ අයුරු මධ්‍යම කඳුකරයේ සංචාරය කිරීමේ දී දැකගත හැක.
එම නාය යෑම් කෙතරම් දරුණුද කිවහොත්, අදටත් ඇතැම් ගම්මාන හෝ ඇතැම් මං මාවත් තිබූ තැනක් හඳුනා ගැනීමටවත් හැකියාවක් ලැබී නැහැ.
අද වන විට මධ්‍යම කඳුකරය පුරා බොහෝ තැන්වල දක්නට ඇත්තේ සේදීගොස් තැන තැන ගොඩ ගැසුණු පස් කඳු පමණයි.
පදියපැලැල්ලේ සිට ගලබොඩ හරහා නුවරඑළිය දක්වා දිවෙන මෙම මාර්ගය රුප්පේ වංගුව අසළින් පසුගිය 26 වැනිදා දරුණු ලෙස නායෑමකට ලක් වුණා.
අද වන විට එම මාර්ග තිබූ තැනක්වත් දක්නට ලැබෙන්නේ නැහැ.
මාර්ගයක් තිබූ බවට යම් සලකුණක් හෝ දැකගත හැකි වන්නේ තැන තැන ඇති තාර කැබලිවලින් පමණයි.
මාර්ගය නාය යෑම හේතුවෙන් ප්‍රදේශයේ ජන ජීවිතයට එල්ල කර ඇත්තේ සුළු පටු බලපෑමක් නොවේ.
ගම්මාන හතක පවුල් 1000ක් පමණ මේ හේතුවෙන් සිය ගම්මානවලටම සිරව සිටිනවා.
එළවළු වගාව සහ කිරි ගව පාලනය ඔවුන්ගේ ප්‍රධානතම ජීවනෝපාය මාර්ගය වුවත්, මෙම නාය යෑම හේතුවෙන් ඒ සියලු ජීවනෝපාය මාර්ග අතරමග නතර වී තිබෙනවා
එහෙත්, ගම්වාසීන් පවසන්නේ ඒ හරහා සිය අස්වනු වෙළෙඳපොළට ගෙනයෑමේ හැකියාවක් නොමැති බවයි.
