ත්‍රිරෝද රියෙන් අවසන් ගමන් ගිය පොලිස් කොස්තාපල්

 ත්‍රීරෝද රථයක යමින් සිටි‍යදී රථය පාලනයෙන් ගිලිහී සිදුවූ අනතුරකින් අම්පාර නෙල්ලිඅඩි පොලිසියේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු ඊයේ (10) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.




මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නෙල්ලිඅඩි කප්පුනගර පාර විනයාගපුරම් 03 හි රාජකාරියේ නියුතුව සිටි පොලිස් කොස්තාපල් (91913) පී. ජතර්සන් (31) නමැත්තා.

අක්කරෙයිපත්තුව පොතුවිල් ඒ 04 ප්‍රධාන මාර්ගයේ කෝරකලප්පුව වැව් බැම්ම ඉදිරිපිට මාර්ගයේදී ඊයේ (10) රාත්‍රී 10.30ට පමණ මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසනවා.

පොලිස් කොස්තාපල්වරයා පදවාගෙන ආ ත්‍රීරෝද රිය ඔහුගේ පාලනයෙන් ගිලිහී මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂක කොන්ක්‍රීට් කණු දෙකක ගැටී ඇති බවත් එහිදී බරපතල තුවාල ලැබූ කොස්තාපල්වරයා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.


Previous Post Next Post

Contact Form