විදේශීය කාන්තාවන් යොදවා ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට අලෙවි කරන ස්ථානයක් වටලා රටවල් තුනකට අයත් කාන්තාවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා.
එම එක් කාන්තාවක් සන්තකයේ තීරු බදු රහිතව ගෙන්වන ලද දුම් වැටිද තිබූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.
කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව කොල්ලුපිටිය ගාලු පාර පිහිටි මෙම සම්බාහන මධ්‍යස්ථානය වැටලූ බව පොලිසිය කියාසිටියා.
එම ස්ථානයේ සිටි වියට්නාම් ජාතික කාන්තාවන් තිදෙනකු තායිලන්ත ජාතික කාන්තාවන් හය දෙනකු හා චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් වයස අවුරුදු 25/50 අතර පසුවන අයවලුන් බවත් පොලිසිය සඳහන් කළා.
සැකකාරියන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
කොල්ලූපිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
