දමිළ සිනමාවේ සුපිරි තරුවක් වන තලපති විජේ රංගනයෙන් දායක වන 'ජන නායගන්' (Jana Nayagan) දේශපාලන ක්‍රියාදාම චිත්‍රපටයේ ගීත එළිදැක්වීමේ උත්සවය අද (28) මැලේසියාවේ බුකිට් ජලීල් ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
විජේ පූර්ණකාලීන දේශපාලනයට පිවිසීමට පෙර රංගනයෙන් දායක වන අවසන් චිත්‍රපටය මෙයයි.
එබැවින්, ඔහුගේ වසර 30ක සිනමා ගමන සැමරීම සඳහා මෙම උත්සවය ‘තලපති තිරුවිෂා’ ලෙසයි නම් කර ඇත්තේ.
එච්. විනෝත්ගේ අධ්‍යක්ෂණයෙන් සහ KVN ප්‍රොඩක්ෂන්ස්හි නිෂ්පාදනයෙන් නිර්මාණය වූ 'ජන නායගන්' චිත්‍රපටය ජනවාරි 9 වනදා සිනමාහල් වෙත පැමිණීමට නියමිතයි.
ප්‍රකට සංගීත අධ්‍යක්ෂ අනිරුද් රවිචන්දර් ගීත එළිදැක්වීමේ උත්සවයේදී සජීවී සංගීත කණ්ඩායම මෙහෙයවනවා.
විජය් යේසුදාස්, අනුරාධා ශ්‍රීරාම්, හරිචරන්, ටිප්පු සහ ඇන්ඩ්‍රියා ජෙරමියා ඇතුළු ගායක ගායිකාවන් රැසක් ගීත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ලෝකේෂ් කනගරාජ්, නෙල්සන් දිලීප්කුමාර් සහ ඇට්ලී වැනි ප්‍රසිද්ධ අධ්‍යක්ෂවරුන් මෙන්ම නසාර් සහ ශ්‍රීනාත් වැනි රංගන ශිල්පීන් ද මෙයට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ.
මැලේසියාවට යාමට නොහැකි රසිකයන් වෙනුවෙන් මෙම උත්සවය ඉන්දීය මාධය නාලිකා 2ක් හරහා විකාශය කෙරෙන බව සඳහන්


