මෙම වාසනාවන්ත ලොතරැයිපත අර්කන්සාස් (Arkansas) ප්‍රාන්තයේ කැබට් (Cabot) නගරයේ ඉන්ධන පිරවුම්හලකින් අලෙවි වූවක්.
ජයග්‍රාහී අංක ලෙස 4, 25, 31, 52, 59 සහ විශේෂ පවර්බෝල් අංකය ලෙස 19 සටහන් වී තිබුණා.
ජයග්‍රාහකයාට සම්පූර්ණ ත්‍යාග මුදල වසර 29ක් පුරා වාරික වශයෙන් ලබාගැනීමට හෝ බදු ගෙවීමෙන් පසු ඩොලර් මිලියන 834.9ක මුදලක් එකවර ලබාගැනීමට අවස්ථාව හිමිවනවා.
මාස තුනක පමණ කාලයක් කිසිදු ජයග්‍රාහකයෙකු නොමැතිව ඉදිරියට ඇදුණු මෙම ලොතරැයිය, අවසානයේ නත්තල් තෑග්ගක් ලෙස මෙම අතිවිශාල ත්‍යාගය පිරිනමා තිබෙනවා.
මීට පෙර 2022 වසරේදී කැලිෆෝනියාවෙන් වාර්තා වූ ඩොලර් බිලියන 2.04ක ජයග්‍රහණය ලොව විශාලතම ලොතරැයි ජයග්‍රහණය ලෙස තවමත් පවතිනවා.
