කොළඹ ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් අල්ලස් සහ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත 2024 මාර්තු 27 දින පැමිණිල්ලක් ඉදිරිපත් කරමින්
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා, රජයේ දේපළ සහ පාසල් දරුවන්ගේ මුදල් අවභාවිත කළ පිරිස්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස මව්පියන් සහ පාසල් සුභසාධක සමිති බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
මීට අමතරව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඩී කේ ධර්මසේන මහත්මිය විසින් උක්ත නම් සඳහන් විදුහල්පති සුමේධා ජයවීර ට විරුද්ධව පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබිණි . ඊට අදාළව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මෙසේ පැමිණිල්ලේ කරුණු දක්වා තිබේ .
උපුටා ගැනීම :
” පැමිණිලි අංකය එච්. ආර් . සී 32/97/19
ඉහත පැමිණිලි කාරිය විසින් 2017.11.07 ධාතමින් ඉදිරිපත් කර ඇති සිය මුල් පැමිණිල්ල සහ පැමිණිල්ලට අදාළව පසුව ඉදිරිපත් කර ඇති ලිඛිත සහ වාචික කරුණු මගින් ප්‍රකාශ කර ඇත්තේ තමා කොළඹ ශාන්ත පවුලු බාලිකා විදුහලේ විදුහලේ ගුරුවරියක් ලෙස සේවය කරමින් සිටින බවත් 2019.10.07 දින අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පාසල් ගුරු ස්ථාන මාරු අංශය භාර අධ්‍යක්ෂ ධම්මිකා ජයනෙත්ති මහත්මියගේ අත්සනින් තමාගේ ඉල්ලීම සහ සේවා අවශ්‍යතාවය මත ශාන්ත පාවුළු බාලිකා විදුහලේ සිට කොළඹ විශාඛා විද්‍යාලය වෙත ස්ථාන මාරුවක් ලබා දී ඇති බවත් එම ස්ථාන මාරුව පරිදි තමන් ශාන්ත පාවුළු බාලිකා විදුහලෙන් නිදහස් කිරීමට මෙතෙක් එහි විදුහල්පතිනිය කටයුතු නොකිරීම හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් සහ ඒ සම්බන්ධව කඩිනම් විමර්ශනයක් සිදුකර තම ස්ථාන මාරුව අනුව කොළඹ විශාඛා විදුහලේ සේවයට වාර්තා කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස වාර්තා කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව වෙතින් ඉල්ලා ඇත .
ඒ අනුව පැමිණිලිකාරිය වන කුසලා ධර්මසේකර මහත්මිය වෙත කොළඹ විශාකා විදුහල වෙත 2019 .10.17 දින ලබා දී ඇති ස්ථාන මාරුව පරිදි විශාඛා විදුහලේ රාජකාරී කටයුතු සම්පූර්ණ සම්පූර්ණයෙන් ඉටු කිරීම සඳහා කොළඹ ශාන්ත පවුලු බාලිකා විදුහල වෙතින් ඇයව නිදහස් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය ලේකම් මගින් එම විදුහලේ විදුහල්පතිනිය වෙත මෙයින් නිර්දේශ කරනු ලැබේ “
උපුටා ගැනීම අවසන් .