දඹුල්ලේ ගමක අස්වාභාවික පිපුරුමක්

අස්වාභාවික ලෙස මහ පොළොවේ ඉරි තැලීමක් දඹුල්ල කළුන්දෑව ප්‍රදේශයෙන් ඊයේ (17) රාත්‍රියේ වාර්තා වුණා.
දඹුල්ල කළුන්දෑව අලුත්ගම ප්‍රදේශයේ නිවෙසක බිමට අතුරා ඇති පිගන් ගඩොල් හදීසියේම ඊයේ (17) ඉදිරි ඒවා පුපුරා ගොස් ඇතැයි එම නිවෙස් හිමියා පෙන්වා දෙනවා. ඔවුන් සඳහන් කරන්නේ රාත්‍රී 8.30ට පමණ එක වරම තම දරුවන් පාඩම් කරමින් සිටින අවස්ථාවේදී නිවෙස තුළ බිමට අල්ලා තිබූ පිඟන් ගඩොල් රතිඤ්ඤා පුපුරන හඬින් පුපුරා යන්නට වූ බවයි. පසුව සොයා බැලීමේදී නි‍වෙසේ ස්ථාන කිහිපයේ සහ බිත්ති පුපුරා ඉරිතලා ගොස් ඇති බවට දුටු බව ඔවුහු පෙන්වා දෙනවා. ප්‍රදේශවාසීන් කඩිනමින් එම ස්ථානයට පැමිණ සොයා බැලීම්වලදී එම ආසන්නයේ ම තවත් නිවෙස් කිහිපයක මීට දිනය කිහිපයක සිටම බිත්ති ඉරිතලා පුපුරා යෑම සිදුවෙමින් තිබෙන බවත් තවත් ස්ථානයක වැසිකිලියක් ගිලා බැසීමට ලක්ව ඇති බවත් ඔවුහු පෙන්වා දෙනවා.
Previous Post Next Post

Contact Form