ගංවතුර හා නාය යෑම් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් 35 දෙනෙකු හා ගුරුවරු 10 දෙනෙකු මියගොස් තිබෙන බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් පවසනවා.
මාතලේ දිස්ත්‍රික්කයේ එක් පාසල් සිසුවෙකු මියගොස් තිබෙන බවත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ තොරතුරු මේ වනවිට ඒකරාශි කරමින් තිබෙන බවත් ඔහු සඳහන් කළා.
අතුරුදන් වූ පාසල් සිසුන් හා ගුරුවරු පිළිබඳ සංඛ්‍යාත්මක තොරතුරු මෙතෙක් තහවුරුව නොමැති බවද අධ්‍යක්ෂවරයා පැවසූ අතර, මහනුවර දිස්ත්‍රික්කයේ සිසු සිසුවියන් 97,850 දෙනෙකු ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව තිබෙන ඔහු පැවසුවා.
මාතලේ දිස්ත්‍රික්කයේ පාසැල් සිසුන් 8,500 දෙනෙකු පීඩාවට පත්ව තිබෙන බවත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංඛ්‍යා ලේඛන මේ වනවිට ගණනය කරමින් තිබෙන බවද ඔහු අවධාරණය කළා.
එමෙන්ම, මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 130 ක් අපදාවට ලක්ව තිබෙන බවද මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළා.
පාසල් සිසුන් විශාල පිරිසක් මේ වනවිට අවතැන් කඳවුරු වල සිටින බවත්, එළඹෙන 16 දින පාසල් විවෘත කිරීමත් සමග ඔවුන්ට ළඟම ඇති පාසලට ගොස් අධ්‍යාපන කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබාදී තිබෙන බවත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.
