‘රටම එකට‘ ජාතික මෙහෙයුමෙන් පුද්ගලයින් 878දෙනෙකු අත්අඩංගුවට

 විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ ‘රටම එකට‘ ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් ගතවු දිනයේදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 878දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදි සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 605ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 619ක් සහ හෂීෂ් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බව පොලීසිය පැවසීය.

ඒ අතරින් සැකකරුවන් 16දෙනෙකු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව සඳහන් වේ.

මේ අතර පොලිසිය විසින් දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 590දෙනෙකු ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන ඇත.

එම මෙහෙයුමේදී පුද්ගලයින් 27,789දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.



Previous Post Next Post

Contact Form