කටුනායක ගුවන්තොටුපළේ සිට හැටන් කොටගල දක්වා ධාවනය වු වැන් රථයක් පෙරලීමෙන් එහි රියදුරු බරපතල තුවාල ලබා තිබෙනවා.
තුවාලකරු වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බවයි වටවල පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසුවේ.
අද (14) පෙරවරු 9:00ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල රොසැල්ල ප්‍රදේශයේදීයි.
කටුනායක ගුවන්තොටුපළේ සිට ගුවන් මගියෙකු රැගෙන කොටගල මවුන්ට්වෝනන් වත්ත දක්වා ධාවනය වූ වැන් රථයක් රියදුරුට නින්ද යෑම නිසා පෙරලී කන්දේ ගැටී නතර වී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුවූ අවස්ථාවේ වෑන් රථය තුළ පුද්ගලයින් 08 දෙනෙකු සිට තිබෙන අතර එම පිරිසට අනතුරක් සිදුව නැති බවයි පොලිසිය පවසන්නේ.
Tags
සාමාජීය
