ස්ටැන්ඩලෝන් කේජ් නම් උපාංගයක් ගෙල ප්‍රදේශයේ සුෂුම්නාවෙහි සවිකරමින් මෙරට ප්‍රථම වරට සිදු කළ සැත්කම සාර්ථක බව කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ විකලාංග රෝග විශේෂඥ ශල්‍ය වෛද්‍ය චානක සෝලංගආරච්චි මහතා පවසයි.
මෙතෙක් කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ සුෂුම්නාව ආශ්‍රිතව ගෙල ප්‍රදේශයේ ප්‍රථම වරට සිදු කළ සැත්කමත් මෙම සැත්කම වීම විශේෂත්වයකි.
රෝගියා තමන් වෙත පැමිණීමේදී දෙඅත් හා දෙපා ක්‍රියාත්මක නොවන ආකාරයෙන් පැමිණි බවත් සැත්කමින් අනතුරුව රෝගියා ඉතාම නිරෝගී සුවයෙන් පසුවන බවත් වෛද්‍ය චානක මහතා පැවසීය.
වෛද්‍ය චානක මහතා සිංගප්පූරුව, මැලේසියාව ආදී රටවල් කිහිපයකම මේ වනවිටත් එම සැත්කම් සඳහා නිතරම සහභාගිවන හා උපදේශන සේවාවලට සහභාගිවන වෛද්‍යවරයෙකි. එහි දී ඒ මහතා විශේෂයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ කිසිසේත් මෙවන් රෝග තිබේනම් දෙවරක් නොසිතා පැමිණෙන ලෙයසි.
ඒ සඳහා කිසිදු බියක් විය යුතු නැති බවත් මුල් අවස්ථාවේදීම පැමිණියහොත් ඉතාම පහසුවෙන් එම තත්ත්වයන් මඟහරවාගත හැකි බවත් සෝලංගආරච්චි මහතා පැවැසීය.
කුලියාපිටිය මෙවිරු ධනාන්
Tags
සෞඛ්‍ය
