සිංහල සිනමාවේ, වේදිකාවේ සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ දශක පහකට අධික කාලයක් නොමැකෙන සලකුණක් තැබූ ප්‍රවීන රංගන ශිල්පී, අධ්‍යක්ෂ සහ ලේඛක කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඒ මහතා 84 වන වියේ පසුවූවා.
අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්තවූ බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.
1941 පෙබරවාරි 11 වැනිදා කැලණියේදී උපත ලැබූ සතිස්චන්ද්‍ර මහතා, පවුලේ හයවන දරුවා ලෙස මෙලොව එළිය දුටුවා
