ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (23) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවට සඳහන් වෙනවා.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ කොළඹ, කළුතර, බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
