මොරටුමුල්ලේ ලී මඩුවක දැවැන්ත ගින්නක්

 මොරටුමුල්ල, විල්ලෝරාවත්ත ප්‍රදේශයේ පිහිටි ලී මඩුවක අද (12) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන ඇති බව මොරටුමුල්ල පොලිසිය පවසනවා.




ගින්න මැඩ පැවැත්වීම සඳහා මොරටුව මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කරමින් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මොරටුමුල්ල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
Previous Post Next Post

Contact Form