ඊසාන දින මෝසම සක්‍රියවීමත් සමග දෙසැම්බර් හා ජනවාරි මාසවලදී අඩුපීඩන ප්‍රදේශ, තරංග ආකාරයේ කැලඹීම්, අවපාත හෝ සුළි සුළං ඇති වීමේ අවදානමක් පවතී. මේ පිළිබද ව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙන බව කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අද දින (12) මාධ්‍යට ප්‍රකාශ කරන ලදී.
අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් ප්‍රකාශ කරේ, පසුගිය වසර 30 තුළ ඊසාන දිග මෝසම ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ ව දත්ත පරිශීලනය කර ඉදිරිපත් කළ වාර්තාවක් මගින් මෙම තොරතුරු අනාවරණ කර ඇති බවයි.එහිදී උතුරු පළාත තුළ සාමාන්‍ය වර්ෂාපතනයට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි අතර උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සාමාන්‍ය අගයට ආසන්න වර්ෂාවක් පැවතිය හැකි බවද සඳහන් වෙයි.
බටහිර හා දකුණු පළාත්වලට සාමාන්‍ය වර්ෂාපතනයට වඩා අඩු වර්ෂාපතනයක් පැවතිය හැකි බවද එම දත්ත අනුව පුරෝකතනය කර තිබේ.
කෙසේ වෙතත් ජනරාල්වරයා සඳහන් කර සිටින්නේ දෙසැම්බර් හා ජනවාරි මාසවලදී අඩුපීඩන ප්‍රදේශ, තරංග ආකාරයේ කැලඹීම්, අවපාත හෝ සුළි සුළං ඇති වීමේ අවදානමක් පවතින අතර එසේ සිදු වුවහොත් මෙම කාලගුණ තත්ත්වය වෙනස් විය හැකි බවයි.

