දැඩි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන ප්‍රධාන සේවා රැසක් "අත්‍යාවශ්‍ය සේවාවන්" බවට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කර තිබූ අති විශේෂ ගැසට් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම නියමය පනවා ඇති අතර, පවතින ආපදා තත්ත්වය මත ජනතාවට අත්‍යාවශ්‍ය වන සේවාවන්ට බාධාවක් හෝ අවහිරයක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බවයි එම ගැසට් නිවේදනයේ සඳහන්.
විදුලිබලය සැපයීම සහ ඛනිජ තෙල්, ගෑස් ඇතුළු ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, සාත්තු නිවාස සහ බෙහෙත් ශාලා වල රෝගීන් නඩත්තු කිරීම, ප්‍රතිකාර කිරීම සහ ගිලන් රථ සේවාවන්, මගීන් හෝ බඩු ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා මෙන්ම වරාය, ගුවන් තොටුපළ සහ දුම්රිය මාර්ග නඩත්තුව, ජලය සැපයීම, ජලාපවහනය, වාරිමාර්ග සේවා සහ අපද්‍රව්‍ය කළමනාකරණය, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරී සහ සමෘද්ධි නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් විසින් ඉටු කළ යුතු සියලු සේවාවන්, මහ බැංකුව ඇතුළු සියලුම රාජ්‍ය බැංකු, රක්ෂණ සේවා, දුරකථන, විදුලි සංදේශ සහ මාධ්‍ය සේවාවන් යන ක්ෂේත්‍රද,
ආහාර හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීම, කෘෂි රක්ෂණ සහ පහත් බිම් සංවර්ධනය යන සේවාවන් ද මෙම අත්‍යාවශ්‍ය සේවා ලැයිස්තුවට ඇතුළත්.
