සී.අයි.ඩී යෙන් කියා පරීක්ෂා කර කතුන් අපයෝජනය කරන පුද්ගලයෙක් අත්තිඩියේදී අත්අඩංගුවට

රහස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් මාර්ගයේ ගමන් කරන තරුණ කාන්තාවන් සැකකටයුතු බව පවසා, පරීක්ෂා කිරීමට යැයි බලහත්කාරයෙන් සිය මෝටර් රථයට නංවාගෙන පාළු ස්ථානවලට රැගෙන ගොස් අපයෝජනය කර පළා ගිය පුද්ගලයකු අත්තිඩිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ගල්කිස්ස පොලිසිය පවසයි. මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 20 වැනි දින, ඔහුට අයත් මෝටර් රථයද සමඟින් ගල්කිස්ස ළමා හා කාන්තා කාර්යාංශය මගිනි.


අත්අඩංගුවට ගත් සැකකරු මහියංගණය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයකු වන අතර, ඔහු ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේ පිහිටි නවාතැන්පලක තාවකාලිකව පදිංචිව සිටිමින් මෙලෙස අපයෝජනයන් සිදු කර ඇති බවටද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙවැනි අතවර කිරීමක් සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි මාසයේදී ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිසිය දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර ඇත. එහිදී අදාළ මාර්ගවල සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කර ඇති අතර, ගල්කිස්ස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි, කාන්තා උප පොලිස් පරීක්ෂක රපිණි රාජප්පක්ෂ මහත්මිය වෙත ලද බුද්ධි තොරතුරක් මත මෙම සැකකරු අත්තිඩිය ප්‍රදේශයේදී මෝටර් රථයද සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.


Post a Comment

Previous Post Next Post

Contact Form