සෞදි අරාබියේ ජෙඩා නගරයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් නගරය පුරා ගංවතුර තත්ත්වයක් සහ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙන බව එරට වාර්තා පවසනවා.
ඊයේ දින පැය 5ක කාලයක් තුළ මිලිමීටර් 135කට අධික වර්ෂාවක් කින්ග් අබ්දුල්ලා ස්පෝට්ස් සිටි වෙත ඇදහැලුණු බවයි සෞදි කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පැවසුවේ.
තවද මක්කා මෙන්ම ක්වසීම් සහ මදීනා ප්‍රදේශවලට ද අධික වැසි පතිත වී තිබෙනවා.
පසුගිය වසරවලට සාපේක්ෂව මෙම වසරේ මේ කාලය තුළ මෙවැනි අධික
වර්ෂාවක් පතිත වීම අනපේක්ෂිත සහ දුර්ලභ තත්ත්වයක් බවද සඳහන්.
එමෙන්ම මෙම සමයේදී ඇදහැලුණු වැඩිම වර්ෂාපතනය මෙය බවත් හෙට දිනයේදී ද (11) අධික වැසි බලාපොරොත්තු විය හැකි බවත් එම මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
මතුවූ ආපදා තත්ත්වයට හදිසි සේවා ප්‍රතිචාර දක්වමින් සිටින බැවින්, පදිංචිකරුවන්ට නිවෙස් තුළම රැඳී සිටින ලෙස බලධාරීන් විසින් තරයේ උපදෙස් දී ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
ගංවතුර හේතුවෙන් නගරයේ ප්‍රදේශ කිහිපයක ජලයෙන් යට වූ වීදි සහ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
බලධාරීන් ආරක්ෂක අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිටින ලෙසයි ජනතාවට උපදෙස් දී ඇත්තේ.
සෞදි අරාබියේ වාර්ෂිකව වැඩිම වර්ෂාපතනය ලැබෙන කාලය මේ වන විට වෙනස් වී ඇති බව එරට ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ (NCM) නව විද්‍යාත්මක වාර්තා පෙන්වා දෙනවා.
මීට පෙර නොවැම්බර් මාසයේදී වාර්තා වූ අධික වර්ෂාව ලැබෙන උච්චතම අවස්ථාව දැන් දෙසැම්බර් මාසය දක්වා මාරු වී තිබෙන බවයි එහි සඳහන් වන්නේ.
මෙම වෙනස්වීම් රාජධානිය පුරා දේශගුණික හැසිරීම් වෙනස් වන බව පිළිබිඹු කරන බව කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දී තිබෙනවා.
මෙම තත්ත්වය නිසා කාලගුණ පද්ධති නිවැරදිව තේරුම් ගැනීම සඳහා ශක්තිමත් නිරීක්ෂණ, කල් ඇතිව අනාවැකි කීම සහ අඛණ්ඩ පර්යේෂණ කිරීමේ වැදගත්කම ඔවුන් අවධාරණය කරනවා.
එරට ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය අයිමන් ගුලාම් පැවසුවේ, මෑතකදී එරට පුරා පැතිර ගිය වැසි සහිත තත්ත්වයන් කළමනාකරණය කිරීමට බලධාරීන්ට උපකාර කිරීම සඳහා NCM හි පූර්ව අනතුරු ඇඟවීම් සහ පුරෝකථන දත්ත සෘජු කාර්යභාරයක් ඉටු කළ බවයි.
නිවැරදි තොරතුරු සහ අඛණ්ඩ යාවත්කාලීන කිරීම් හේතුවෙන් කාලගුණ අනාවැකිකරණ ක්ෂේත්‍රයේ සූදානම වැඩි දියුණු වූ බවත්, තීරණ ගැනීම වේගවත් වූ බවත් ඔහු සඳහන් කළා.
Tags
විදෙස්

