චනිත්මා ගැන දෙරණෙ දිල්කාත් ලියමනක් ලියයි

 ඔව් ටිකක් පරක්කු උනේ මේ ලියමනෙන් කාගේ හෝ හිත් රිදීමක් වෙයිද කියල කල්පනා උන නිසයි.ඒවගේම හිතන්නෙ නැති කතා තව එළියට එන්නත් පුලුවන් කියල හිතුන නිසයි.ගිය දේවල් ගැන ආයෙ කතා මොකටද කියල හිතුවත් අවසානයේ මේක ලියන්න හිතුව.



මේ කෙල්ල මරු...හැබැයි මේ කතාවෙ පැති කීපයක් තියෙන්න පුලුවන්.මොන දේ තිබ්බත් මේ දරුවා තමං වෙනුවෙන් ස්ටෑන්ඩ් කරන එක පට්ට වැඩක්.ගෑනු ළමයෙක් විදියටත් ඒ හයිය මරු.


මේ සිදුවීම එක්ක තවත් බොහෝ අය තමන්ට පාසල් කාලෙ වෙච්ච අසාධාරණ කම් නැවත මතක් කරලත් තිබ්බා.ඒ අය ඒ අවස්තාවෙ ඊට මුහුණදුන්න ආකාරය සහ දැනුන පීඩනයන් මතක් කරල තිබ්බා.ඒ කියන්නේ මේ සිදුවීම හැම කාලෙටම අඩුවැඩි වශයෙන් වලංගු සිදුවීමක්.


"අක්කෙ මෙහෙම එකක් ඔයාට උනා නම් ඔයා මොනව කරාවිද"  කියල අහපු අයටත් එක්කම මේකත් කියන්න හිතුවා.


මම පාසලේ ප්‍රධාන ශිෂ්‍යය නායිකාව. පාසල් නායිකාවන් තෝරාගෙන ඒ අය වසරක් නායිකාවන් ලෙස වැඩ කලාට පසුව ඒ අය අතරින් ඊලඟ වසර සඳහා ප්‍රධාන් ශිෂ්‍ය නායිකාව තෝරාගන්න මත විමසීමක් (ජන්දයක් වගේ ) පවත්වල තමයි මගේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව තෝරාගත්තේ.


ගුරුමණ්ඩලයේ තීරණයට පසුව එය පාසලේ දරුවන් ඉදිරියටත් යනව විරෝධයක් තියනවද බලන්න.


මම වාසනාවන්ත ප්‍රධාන ශිෂ්‍ය නායිකාවක්.මොකද මට තරඟයක් තිබ්බෙ නෑ.ගුරුමණ්ඩලයේ ඒකමතික තීරණය අනුව කිසිම මත විමසීමක් ජන්දයක් නැතුවම මාව පත් කරල තිබ්බා.


උප ප්‍රධාන නායිකාවන් වෙනුවෙන් පමණක් ජන්ද විමසීම පැවැත්වුනා.

එහෙම පත් උන මම පාසලේ විද්‍යා සංගම් සභාපති,පරිසර නියමු බලකායේ සභාපති,මධ්‍යපරිසර අධිකාරියේ පලාත් පරසර නියමු බලකායේ පාසල් සභාපති ඇතුලු මෙකී නොකී හැම භාහිර ක්‍රියාකාරකමක්ම කරපු ක්‍රියාකාරී ශිෂ්‍යාවක්.


ඔව් ඒක එහෙම උනත් මටත් අහිමි වීම් තිබ්බා.

පාසල් ත්‍යාග ප්‍රධානෝත්සවයේ හොඳම ශිෂ්‍ය නායිකාව ලෙස සම්මාන ලබන්නෙ සෑම වසරකම ප්‍රධාන ශිෂ්‍ය නායිකාව.මොකද ඒකෙ තර්කයක් නෑ.ඇය හොඳම නිසා තමයි ඇය හැමෝම අතරින ප්‍රධාන ශිෂ්‍ය නායිකාව බවට පත්වන්නෙ.


හැබැයි මට ඒක නොදෙන්න එදා විදුහල්පති තුමිය තීරණය කලා.ඒකට හේතුව මම දැනගෙන හිටියා.


ඒක සංවේදී කතාවක් නිසා අද දැං මෙතන කියන්න යන්නෙ නෑ.නමුත් කතාව කෙටියෙන් කිව්වොත් පාසලේ වෙනත් ශිෂ්‍යාවන් කීපදෙනෙක් වෙනුවෙන් මම ප්‍රසිද්ධියේම පෙනීසිටීම.ඔවුන්ට වන අසාධාරණය වෙනුවෙන් පෙනී සිටීම.ඒ අසාධාරණයට බන්ධ වූ ගුරුවරු ඉතාම අතලොස්සක් සම්බන්ධව ඔවුන්ට විරුද්ධව ඔවුන්ගේ මත නොසලකා හිතුවක්කාර ලෙස කනිෂ්ඨ ශිෂ්‍යාවන් වෙනුවෙන් කටයුතු කිරීම.


ඉතිං ඔව්...මම දැනගෙන හිටියා සෑම වසරකම ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ට ලැබෙන සම්මානය එවර මට නොලැබෙන බව.

නමුත් ඒ වෙනකොටත් මගේ පාසලෙන් මට ලැබුන දේවල සෑහෙන්න.

නායකත්වය,කුසලතාවයන්,විනය,මේ සියල්ල මම උපයාගෙන අවසන්.එක මොහොතක වේදිකාවක් උඩදි ලැබෙන කුසලානයකට හෝ සහතිකයකට ගන්න බැරි ගොඩාක් දේවල් මම ලබාගෙන අවසන්. 

ඒ හැම දේටම මට අවස්තාව දුන්නෙ මගේ පාසල,මගේ විදුහල්පති තුමිය ඇතුලු ගුරුමණ්ඩලය.මම ඒක ගැන හිතුවෙ එහෙම.නමුත් ඒක මට නොලැබුනාම ගුරුවරු මගේ හිත හැදුවා .හැබැයි ඔවුන්ට හදන්න තරම් කැඩුණ හිතක් මට තිබ්බෙ නෑ.ඒ ගුරු මව්වරුන් ට මතක ඇති සමහර විට.

එහෙම හිත හදපු ගුරුවරු අතර රම්‍යාවිතාන මිස් මට විශේෂයි.ඇය මගේ විද්‍යා ගුරුවරිය.

එදා විදුහල්පතිතුමිය ගත්‍ත එම තීරණය ගැන අබමල් රොණක කහටක් හිතේ තබා නොගත්ත මට වසර කීපයකට පසු ඒ සම්මානයට වඩා ගොඩක් වටින දේවල් ජීවිතයට හිමි උනා.


එදා මට අහිමි උන සම්මානය හිමි උන මගේ ආදරණීය මිතුරිය අද කොහෙද කියලවත් මම දන්නෙ නෑ.


පාසලෙන් ඉවත් උනාට පසුවත් පුලුවන් හැම මොහොතකම විදුහල්පතිතුමිය බලන්න ගිය මට දවසක් ඇය වසර ගනනාවකට පෙර මට පාසලේ හොඳම ශිෂ්‍යාවට හිමි සම්මානය නොදෙන්න ගත්ත තීරණය ගැන සියල්ල හෙලි කලා.


එය ඇයට සිදු උන බරපතල වරදක් බවත්,ඒ මොහොතේ ඇයට එය කරන්නට හේතුවූ කරුණු ගැනත් මගේ අතින් අල්ලාගෙන ඇය සදහන් කලා.ඒ අතීතය මතක් කරන ගමන් අද මම ඉන්න තැන ගැන ඇගේ ආඩම්බරය ඇය මට කිව්වා.ඇගේ දිලිසෙන වියපත් තියුණු ඇස්වලි ඇගේ මුලු හදවතින්ම ඇය මට ආශිර්වාද කලා.

අදටත් මම ඇයට ගරු කරනව,ආදරය කරනව.


එදා මට අහිමි උනේ එකම එක සහතියක් විතරයි හැබැයි එතුමිය ඇතුලු ගුරුමණ්ඩලය , මගේ පාසල මට දුන්න දේ බොහෝමයි.


මම හිතපු හැටි හිතන හැටි එහෙම උනත් හැමෝම එක වගේ හිතන්නෙ නැති බව මම දන්නව.ප්‍රශ්නයකදී හැමෝම එක විදිහට ප්‍රතිචාර දක්වන්නේ නෑ.ඒක තීරණය වෙන්නේ තමන්ගේ පුහුණුව සහ හිතිවිලි අනුව.


ජයග්‍රහණය කියන්නෙ ගේම ඉල්ලන එකම නෙමෙයි.නිහඬ වීම් ඇතුලෙත් අපිට ප්‍රති උත්තර දෙන්න ඕන තරම් පුලුවන්.


ආයෙත් සිරිමාවෝ පාසලේ දියණියගෙ කතාවට එමු.

ඇත්තටම ඇයට සම්මානය හිමිවෙන්නේ නැත්තේ පුහුණුවීම් වලට ආපු නැති නිසා නම් ඒකට සාධාරණ හේතුවක් තිබ්බනම් තමන් වෙනුවෙන් කොන්ද පණ ඇතුව නැගී සිටින්න ඒක ඉතාම ප්‍රමාණවත් හේතුවක්.

එක එක අය මේකේ එක එක පැති ගැන  කතා කරලා තිබ්බා.


සමහරුන්ට අනුව මේ දරුවා ප්‍රසිද්ධියේ පාසල අපහසුතාවයට පත් කිරීම වරදක්.තවත් සමහරුන්ට අනුව මේ දරුවා ගත්තේ ඉතාම නිවැරදි තීරණයක්.ඒ වෙනුවෙන් කතා කරන්න පෙනී ඉන්න හොඳම වෙලාව ඇය ගත්තා.


කොහොම උනත් මේ හැම සිදුවීමකටම වගකියන්න ඕන පාසලේ විදුහල්පති ගුරු මණ්ඩලය සහ වැඩිහිටියන්.ඇතැම්විට දරුවන්ගෙම දෙමාපියන්.


ඔවුන් දරුවන්, දරුවන් ලෙස නොසිතා ගන්නා තීරණ දැඩි ලෙස ඔවුන්ගේ මනසට බලපාන බව නොදැන කටයුතු කිරීම ඇත්තටම ප්‍රශ්න කළ යුතුයි.


ඒ වගේම ඇයට හිමි සම්මානය ලබා දෙන්නට තීරණය කල අනෙක් දියණියටද මෙම සිදුවීමෙන් මනසට දැඩි ලෙස හානි සිදුවිය හැකි බවත් පාසලේ වගකිවයුත්තන් අවබෝධ කරගත යුතුයි.


එක සම්මානයක් වෙනුවෙන් දරුවන් දෙදෙනෙකුගේ මනසට සිදුවන තුවාලය  බරපතල කාරණාවක්.ඒක හරියට කළමණාකරනය කරගන්න ගුරුවරු සහ වැඩිහිටියන් සමත්වෙයිද කියන එක නම් ගැටළු සගගතයි.


වේදිකාවේදී ගුරුවරියක් සඳහන් කරනවා ඇයගේ හේතු දැක්වීම නිවැරදි නොවන බව.ඇයට එම සම්මානය හිමි නොවන්නේ පුහුණුවීම් සඳහා නොපැමිණීම කියන හේතුව නිසා නොවන බව.


එය එසේ එසේනම්, එවැන්නක් ඇයට සන්නිවේදනය වුනේ කෙසේද. ඇයට අදාළ සම්මානය හිමි නොවීමට පැහැදිලි හේතුවක් ඇයට සන්නිවේදනය වූයේ නැද්ද.


එම දියණිය එවැන්නක් වේදිකාවේ සඳහන් කරන්නේ ඇයට එවන්නක් සන්නිවේදනය වූ නිසයි.එසේ නොමැතිව ඇය හිතෙන් හදා ගත් හේතුවක් වේදිකාවේ සන්නිවේදනය කළා විය නොහැක.


අද ඇයගේ ධෛර්යය ප්‍රශංසාවට ලක්වනවා මෙන්ම තවත් සමහරු අයගේ පියාගේ බල පුළුවක්කාරකම් සහ දේශපාලනය ද කතා කරන්නට පටන්ගෙන ඇත.


ඇයගේ සුදුසුකම් සහ සම්මානය හිමිවූ අනෙක් දියණියගේ සුදුසුකම් සසඳන්නට පටන්ගෙන ඇත.


සන්නිවේදන ගැටලුවක් ප්‍රශ්න ගොඩක් මතුකර අවසන්ය.


සියල්ල විසඳෙන විට මේ දරුවන්ගේ පුංචි හිත් තැලී පොඩිවී අවසන්ය.


මෙය සිරිමාවෝ එකට පමණක්වත් මේ සිදුවීමට අදාල දරුවාට පමණක් වට්ග් අදාල සිදුවීමක් නොවන බවත් කිව යුතුය.


චනිත්මා ,නභාශි පුතේ ඔයල දෙන්නටම සුබ අනාගතයක්🙏


ඩිල්කා සමන්මලී.

Post a Comment

Previous Post Next Post

Contact Form