කොළඹ නගර සභා අයවැය පරදී

කොළඹ මහ නගර සභාවේ අයවැය ඡන්ද වීමසීමේදී අනපේක්ෂිත ප්‍රතිඵලයක් ලැබි තිබෙයි.ජාතික ජන බලවේගයට බලය හිමි කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය අද (22) පරාජයට පත්ව තිබේ. මෙහිදී අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමිවූ අතර අයවැයට පක්ෂව හිමිව තිබුණේ ඡන්ද 57ක් පමණි.
 ශ්‍රී ලංකාවේ පළාත් පාලන නීතියට අනුව අයවැයක් පරාජයට පත්වීම හේතුවෙන් පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනිව නගර සභාව විසුරුවා හැරීමක් හෝ පාලනාධිකාරිය ඉවත් කිරීමක් සිදු නොවන බව වාර්තා වේ. මේ හේතුවෙන් පාලන කටයුතු සම්බන්ධයෙන් ක්ෂණික පරිපාලනමය බලපෑමක් එල්ල නොවන අතර ජාතික ජන බලවේගයට සභාවේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට නෛතික බාධාවක් මතු නොවේ. එසේ වුවද මෙම අයවැය පරාජය දේශපාලනික වශයෙන් ඉතා වැදගත් සිදුවීමක් ලෙස සැලකෙන්නේ එමඟින් සභාව තුළ පවතින සහයෝගය දුර්වල වී ඇති බව පෙන්නුම් කරන බැවිනි. විශේෂයෙන්ම ඉදිරි කාලසීමාව තුළ නගර සභාවේ පාලන කටයුතු මෙහෙයවීමේදී මෙන්ම වැදගත් යෝජනා සම්මත කර ගැනීමේදී මෙවැනි තත්ත්වයන් මත පාලනාධිකාරියට දැඩි අභියෝග රැසකට මුහුණ දීමට සිදුවනු ඇත.

Post a Comment

Previous Post Next Post

Contact Form