2021 වසරේ කැරිබියානු සංචාරය සඳහා පැතුම් නිශ්ශංකව සංචිතයට එක් කර ගැනීමට එවකට පුහුණුකරු ලෙස කටයුතු කළ ආතර් විරුද්ධ වූ බවට වික්‍රමසිංහ මහතා චෝදනා කර තිබුණි.
ඒෂියා ස්පෝර්ට්ස් නාලිකාව සමග පැවති සාකච්ඡාවකදී මිකී ආතර් අවධාරණය කළේ පැතුම් නිශ්ශංක අද ලබා සිටින සාර්ථකත්වයේ පූර්ණ ගෞරවය එම ක්‍රීඩකයාගේ කැපවීමටම හිමිවිය යුතු බවයි.
දේශීය පිටියේ නිශ්ශංක පෙන්වා තිබූ අතිවිශිෂ්ට දක්ෂතා හේතුවෙන් ඔහුව ජාතික කණ්ඩායමට තෝරා ගැනීම අනිවාර්ය සාධකයක් වී තිබූ බවත්, එම හැකියාවන් හඳුනාගත් තමා ඔහුට අවශ්‍ය අවස්ථාව ලබාදුන් බවත් හිටපු පුහුණුකරු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
නිශ්ශංකගේ ගමන සහ ජයග්‍රහණ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් ශතකයක් රැස් කළ පැතුම්, එතැන් පටන් කෙටි කලක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලතම පිතිකරුවෙකු බවට පත් විය.
ක්‍රිකට් ආකෘති තුනේම දස්කම් දක්වන ඔහු, එක්දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්විය.
වත්මන් තත්ත්වය මේ වන විට අයි.සී.සී. විස්සයි-20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඔහු සමත්ව ඇත.
2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 4ක ඉහළ මිලකට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් ඔහුව මිලදී ගන්නා ලදී.
