වත්මන් ආණ්ඩුව විසින් සියලුම ක්ෂේත්‍රවල සිටින පිරිස් මේ වන විට ‘තරහා කර ගනිමින්’ යන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත පවසනවා.
ඒ අනුව, එයට හේතුව වී ඇත්තේ ඔවුන් ආණ්ඩුකරණය නොදන්නා බව යැයි ද, නමුත් ඔවුන්ට උඩඟුකම, උද්දච්චකම හා මෝඩකම නම් එකට පිහිටා ඇති බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
බාල බෙහෙත් ගෙන ඒමට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වගකිව යුතු නම් හා ඔහු නඩුවක සැකකරුවෙක් නම්, වත්මන් ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ද මේ ආණ්ඩුව තුළ ගොනුවන මේ සම්බන්ධ විමර්ශනයක සැකකරුවෙක් බවට අනිවාර්යයෙන්ම පත් විය යුතු බවයි හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.