අද දෙසැම්බර් 26, මුළු රටම සුනාමි ඛේදවාචකය සිහිපත් කරමින් ඉන්න මොහොතක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාත් ඒ වෙනුවෙන් විශේෂ දෙයක් කරලා තිබුණා.
එදා සුනාමියෙන් වගේම පසුගියදා ඇතිවුණු "දිට්වා" සුළි කුණාටුවෙන් අහිමි වුණු ජීවිත සිහිපත් කරමින් නාමල් රාජපක්ෂ මහතා සිය නිවසේදී ආගමික වතාවත්වල නිරත වී තිබෙනවා.
කොළඹ පිහිටි සිය නිවසේදී සිය පවුලේ සාමාජිකයින්ද සම්බන්ධ කරගනිමින් නාමල් මෙම පින්කම සිදු කර තිබුණේ මියගිය පිරිස්වලට පින් අනුමෝදන් කිරීමටයි.
ආගමික වතාවත්වලින් පස්සේ නාමල් රාජපක්ෂ මහතා සිය Facebook සහ සමාජ මාධ්‍ය ගිණුම්වල අපූරු සටහනක් තබා තිබුණා. එහි ඔහු මෙහෙම කියනවා.
" රටම කම්පනයට පත් කරමින් සිදු වූ සුනාමි ව්‍යසනය සිදු වී වසර 21 ක් ගත වන අද දිනයේ එම ව්‍යසනයෙන් අප අතරින් සමු ගත් ආදරණීය ජනතාව සංවේගයෙන් සිහිපත් කරමි. ස්වාභාවික විපත් හමුවේ අපි ජාතියක් වශයෙන් නැවත නැගී සිටියෙමු. කෙතරම් බාධා හමුවේ වුවත් මෙරට දැවැන්ත සංවර්ධනයක් තුළින් නැවත ගොඩනැගුවෙමු.
නැවත වතාවක් එවන් ව්‍යසනයන් සිදු නොවේවායි ප්‍රාර්ථනා කරමි!