කැනඩාවේ ටොරොන්ටෝහි පදිංචිව සිටි ඉන්දියානු ජාතික තරුණයකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
පසුගියදා (23) පස්වරුවේ සිදු වූ අදාල ස්ථානයට ටොරොන්ටෝ පොලිස් නිලධාරීන් යන විට බරපතල ලෙස වෙඩි වැදී තුවාල ලබා සිටි තරුණයා සොයාගෙන තිබුණා.
මියගොස් ඇත්තේ ටොරොන්ටෝ හි පදිංචි 20 හැවිරිදි ශිවාන්ක් අවස්ති වන අතර ඔහු පශ්චාත් උපාධි අපේක්ෂක සිසුවෙක්.
ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බව තහවුරු වී ඇති අතර, පොලිසිය පැමිණීමට පෙර වෙඩි තැබීම කළ සැකකරුවන් එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි විදෙස් වාර්තාවල සඳහන් වන්නේ.
මෙය 2025 වසරේ ටොරොන්ටෝ නගරයෙන් වාර්තා වූ 41 වන මිනීමැරුමයි.
පොලිසිය විසින් මියගිය තරුණයාගේ ඡායාරූපයක් ප්‍රසිද්ධ කර ඇති අතර, මෙම අපරාධය සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නා අයෙකු සිටී නම් 416-808-7400 අංකය ඔස්සේ පොලිසියට හෝ 416-222-TIPS (8477) ඔස්සේ නිර්නාමිකව Crime Stoppers වෙත තොරතුරු ලබා දෙන ලෙස මහජනයාගෙන් ඉල්ලා සිටිනවා.
