මනම්පිටිය සහ සෝමාවතිය යන ප්‍රදේශ ජලයෙන් යටවීමේ අවදානමක් ඇතිවිය හැකියි, අවධානයෙන් සිටින්න.
මනම්පිටිය සහ සෝමාවතිය ප්‍රදේශ ජලයෙන් යටවීමේ අවදානමක් ඇතිවිය හැකි බැවින්, ඒ පිළිබදව අවධානයෙන් සිටින ලෙසට පොළොන්නරුව දිස්ත‍්‍රික් ආපදා කළමනා කරණ ඒකකය නිවේදනය කර තිබෙනවා.
අද (18) පෙ.ව.10.20 ට, වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 06 ක් 70cm බැගින් ද, රන්දෙණිගල ප්ලාශයේ වාන් දොරටු 02 ක් 2.5m සහ 1m බැගින් ද, රන්ටැබේ ප්ලාශයේ වාන් දොරටු 02 ක් 2m සහ 2.5m බැගින් ද විවෘත කොට තිබෙන බවයි සඳහන් වන්නේ.
පැය 06 ක පමණ කාලයක් තුළ එම ප්‍රදේශ වෙත ප්ලය ළගාවිය හැකි බවයි ආපදා කළමනා කරණ ඒකකය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
