නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සහ බැංකු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදු කරනු ලබන වංචනික ක්‍රියාවන් පිළිබඳ සුපරීක්ෂාකාරීව සිටින ලෙස පොලිසිය අනතුරු අඟවනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID), මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ (FCID) නිලධාරීන් ලෙස හෝ බැංකු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සංවිධානාත්මක කල්ලි විසින් ජනතාව බිය ගන්වා මුදල් වංචාවන් සිදුකර ඇති බවට පැමිණිලි රැසක් ලැබී ඇති බව පොලිසිය පවසනවා.
මුදල් විශුද්ධිකරණය හෝ මූල්‍ය අපරාධ වැනි බරපතල වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කරන බව හඟවමින් දුරකථන ඇමතුම් ලබාදී බිය ගන්වා බැංකු තොරතුරු වැනි පුද්ගලික තොරතුරු ලබා ගැනීමට එම සංවිධානාත්මක අපරාධකරුවන් කටයුතු කරන බවද පොලිසිය සඳහන් කළා.
ඉලක්ක කරගත් පුද්ගලයින්ට වීඩියෝ ඇමතුම් ලබා දෙමින් සැක නොසිතෙන ආකාරයට ව්‍යාජ ආරක්ෂක නිල ඇඳුම් භාවිත කරමින් බිය ගැන්වීම් සිදුකරන බව පොලිසිය පවසනවා.
පුද්ගලික තොරතුරු ලබාගත් පසු බැංකු ගිණුම්වල ඇති මුදල් ඉතා සූක්ෂමව සහ වංචනිකව අපරධකරුවන් විසින් කොල්ලකෑම සිදු කරන බව පොලිසිය සඳහන් කළා.
කිසිදු පොලිස් නිලධාරියෙකු හෝ රජයේ ආයතනයක් කිසි විටෙකත් දුරකථනයෙන් මුදල්, බැංකු තොරතුරු හෝ රහසිගත පෞද්ගලික තොරතුරු ඉල්ලා නොසිටින බවයි පොලිසිය අවධාරණය කරන්නේ.
අත්අඩංගුවට ගැනීම්, සිතාසි හෝ නීතිමය දැනුම්දීම් කිසි විටෙකත් දුරකථන ඇමතුම් හරහා සන්නිවේදනය නොකරන බවත්, නිල නිවේදන හෝ අධිකරණ සිතාසි වැනි නිසි නීතිමය ක්‍රියා පටිපාටි හරහා පමණක් බවත් පොලිසිය සඳහන් කළා.

එවැනි සැක සහිත දුරකථන ඇමතුම් පැමිණියහොත් කිසිඳු පෞද්ගලික විස්තරයක් ලබා නොදී ළඟම පොලිසිය වෙත දැනුම්දෙන ලෙසද පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Tags
සාමාජීය